අනුරුද්ධ සම්පායෝ රක්ෂිත බන්ධනාගාර ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

අනුරුද්ධ සම්පායෝ රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අනුරුද්ධ සම්පායෝ රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

ඒ ඔහු අද මිගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝව ඊයේ කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබුවා.

 

අනතුරුව සැකකරුව මීගමුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබුණා.

 

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරිවයාට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

 

views

663 Views

Comments

arrow-up