මද්දුම බණ්ඩාරගෙන් රජයට චෝදනා

රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පළ කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද නිවේදනයක් නිකුත් කර ඇත.
රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් පැහැදිලි වන්නේ විපක්ෂය ජනතාව වෙනුවෙන් ඉටුකරන මානුෂීය කටයුතු වලට රජය ඍජුවම බාධා කරන බව එහි දැක්වෙයි.
පාර්ලිමේන්තුව යළි රැස්කරන ලෙස ඉල්ලා කරනු ලබන ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වනුයේ ද මෙම සදාචාරසම්පන්න නොවන ක්‍රියාදාමය නිසා බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
658 Views
Comments