අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීමට කෝවිල්වලට රැස්වූ 24 ක් ත්‍රීකුණාමලයේදී අත්අඩංගුවට

අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමට කෝවිල්වලට රැස්වූ පුද්ගලයින් 24 දෙනෙකු තී‍්‍රකුණාමලය සහ උප්පුවේලි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් පුද්ගලයින් 11 දෙනෙකු තී‍්‍රකුණාමලය, භද්‍රකාලි අම්මාන් කෝවිලේදී කිරි ඉතිරවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
උප්පුවේලි කන්නියා ප‍්‍රදේශයේ ගයාත‍්‍රී කෝවිලේ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයින් පිරිසක්ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වනවා.
අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර ඇඳිරිනීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 1,600 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද පෙරවරු 06 න් අවසන් වූ ගතවූ පැය 24 තුළයි.
ඒ අනුව ඉකුත් මාර්තු මස 26 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීති කඩකළ පුද්ගලයින් 26,600 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
709 Views
Comments