රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එපා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එපා කියයි

රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එපා කියයි

ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රීධුරය බාර නොගැනීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.


ඊයේ පස්වරුවේ පැවැති පක්‍ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජනතාව ඡන්දයෙන් ප්‍රතික්‍ෂේප කළ කිසිවෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රිදුරයකට හිමිකම් කීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.


මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රිදුරය ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල අපේක්‍ෂකයින් දෙදෙනෙකුගේ ඉල්ලීම්ද වික්‍රමසිංහ මහතා දැඩිව ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.


සිරිකොත ආරංචි සඳහන් කළේ ඊයේ අවස්ථා දෙකකදී එම නියෝජිතයින් දෙදෙනා වෙන් වෙන්ව රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රිදුරය ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි.


කෙසේ වෙතත් එම ඉල්ලීමට ඉඩ දියි නොහැකි බව අවධාරණය කර ඇති වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවට ඇතුලත්ව සිටින තරුණ නියෝජිතයෙකු වෙත එම අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බවයි.


එමෙන්ම පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පත් නොකරන බව පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති කරුණක් බවද රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කර තිබෙනවා.


මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අනිද්දා සිරිකොත පක්‍ෂ මුලස්ථානයේදී පැවැත්වීමටද නියමිතයි.

 

views

1407 Views

Comments

arrow-up