රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්

රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා එලැඹෙන බදාදා දින කණ්ඩායම් රැස්වීෙම් තීන්දු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

 


රන්ජන් රාමනායක මහතා සිදුකරන ලද කටයුතු හේතුවෙන් රට තුළ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව ද ඔහු සඳහන් කළා.

 


එක්සත් ජාතික පක්ෂයේ සිට මන්ත‍්‍රීවරයා සිදු කරන ලද කටයුතු ගැන ගැන අනුමත කළ නොහැකි බවද පැවසූ ඔහු රාමනායක මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ තබාගන්නේ නැතැයිද කියා සිටියා.

 

ස්ථිර වශයෙන්ම බදාදා වන විට මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවත් දැනටමත් පක්ෂයේ අය දැඩි තීන්දුවක් ගෙන තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

views

808 Views

Comments

arrow-up