දිස්ත්‍රික්ක 6 ක් වසා දමා කොවිඩ් පාලනයට රජයේ අවධානය

මේ වන විට දිවයින පුරා වේගයෙන් පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, මහනුවර යන දිස්ත්‍රික්ක වලට දැඩි සංචරණ සීමා පනවමින් කොවිඩ් පාලනයට අවශ්‍ය පියවර ගැනීමට මේ වන විට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඊයේ (09) සවස රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ආර්ථික පුනර්ජීවනය දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ සහ රජයේ මැති ඇමතිවරුන් සහභාගීවී තිබුණා.
අරලියගහ මන්දිරයේ දී පැවති එම සාකච්ඡාවේදී ගැබිණි මාතාවන් සේවයට කැඳවීමේදී ගත යුතු ක්‍රියාමාර්ග, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා නිවසටම ඖෂධ බෙදාහරීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීම සහ අත්‍යවශ්‍ය සේවා, පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව කාර්යක්ෂම ප්‍රාදේශීය මට්ටමෙන් ජනතාව වෙත බෙදා හැරීමෙන් යාන්ත්‍රණයක් සකස් කිරීමට ද යෝජනා වී තිබුණා.
6832 Views
Comments