ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් ආ කාන්තාව අත්අඩංගුවට ලංකාව වටා මුහුදු කලාප වල ආරක්ෂාව තර කරයි.

ඉන්දියාවේ චෙන්නායි කුප්පම් ප්‍රදේශයේ සිට නීති විරෝධී ලෙස ධීවර යාත්‍රාවක් ආධාරයෙන් මෙරටට පැමිණි කාන්තාව සහ දරු දෙදෙනා පුත්තලම පොලිසිය විසින් අද (03) දිනයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ කාන්තාව සහ දරු දෙදෙනා ආගමන විගමන නීති උල්ලංඝනය කිඑීම සම්බන්ධයෙන් අද දිනයේදී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇය මෙලෙස ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදා අලුයම් කාලයේදීයි.
ඉන් අනතුරුව ඔවුන් පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලීසිය සහ සෞඛ්‍ය අංශ විසින් සොයා ගෙන නිරෝධායනයට ලක් කළා. පසු දිනයේ දී අදාළ කාන්තාව සහ ඇගේ වයස අවුරුදු 13 සහ 4 යන වයස්වල පසුවන දරු දෙදෙනා පුත්තලම මුලික රෝහල වෙත පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.
මෙම හේතූන් සැලකිල්ලට ගනිමින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයන් පැමිණීම වළක්වා ගැනීම සඳහා උතුරු මුහුදේ සහ වයඹ මුහුදේ ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව උතුරු හා වයඹ මුහුදු ආශ්‍රිත කලාපයේ නාවික යාත්‍රා සහ මුරසංචාර වැඩි කිරීමට පියවර ගෙන ඇති බව හමුදාව සඳහන් කරනවා. මීට අමතරව අන්තර් ජාතික මුහුදු සීමාවේ නාවික හමුදා වේග ප්‍රහාරක මුර යාත්‍රා හා වේග ප්‍රහාරක යාත්‍රා යොදවා තිබෙන බවද වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා නාවික හමුදාව විසින් පාබල මුර සංචාර සහ තෝරාගත් ස්ථාන කිහිපයක වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථාන ඉදි කිරීමට කටයුතු කර තිබෙන බවද වාර්තා වනවා.
851 Views
Comments