ඇමරිකාවෙන් ලංකා රජයට බලපෑම් කරන්න - TNA

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත්වී ඇති බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇතුලත් කාරණා වර්ථමානයට නොගැලපෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජාවකට යාමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටිනවා.
මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් සමග කොළඹදී පැවති හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියා.
මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කරුණු සාකච්ජා වී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය මගින් පිහිටුවා ඇති ස්වාධින කොමිෂන් සභා කිසිවක් අවලංගු කිරීමට සිය සන්ධානය සහය ලබා නොදීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඉදිරිපත් වන කිසිදු කාරණයකදී ඊට තම පක්ෂය ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරනයේදී දෙමළ පක්ෂ ගණනාවක් එම මැතිවරණය වර්ජනය කළ යුතු බව කියා සිටියදී දෙමළ ජාතික සන්ධානය හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළකර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ඔහු අමෙරිකානු තානාපතිවරියට ප්‍රකාශ කර තිබෙනවා.
මානව හිමිකම් මණ්ඩලය විසින් රජයට යෝජනා කරණ ලද කරුණු මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ උතුරේ දෙමළ ජනතාව දැඩි නොසතුටකින් පසුවන බව ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා මෙහිදී අමෙරිකානු තානාපතිවරියට ප්‍රකාශ කොට ඇත.
එම කාරණා ඉටුකිරීම කඩිනම් කරන ලෙසත් යලිත් එම කරුණු ඉටු කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබාදීම අනවශ්‍ය බැවින් එසේ නොකරන මෙන් දෙමළ ජාතික සන්ධානය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කොට ඇත.
මේ අතර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන් වහාම ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයට අමෙරිකාවෙන් යම් බලපෑමක් කරන මෙන්ද මෙහිදී ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ඇමරිකානු තානාපතිවරියගෙන් ඉල්ලා ඇත.
758 Views
Comments