ඊයේ දිනයේදී කිසිදු කොවිඩ් මරණ නිවේදනයක් නැහැ

ඊයේ දිනයේදී දිවයිනෙන් හඳුනා ගැනුණු කොවිඩ් 19 ආසාදිතයන් 798 දෙනාගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙන අතර ඉන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වන බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොවිඩ් දෙවන රැල්ල ලෙස හදුන්වන පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති මුලු ආසාධිතයන් ගණන 12,604 ක් වනවා.
ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 97 ක් වාර්තා වුණු අතර ඉන් 55 දෙනෙකු මහර බන්ධනාගාරයේ රැඳවියන්.
පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 7019 ක්.
ඊයේ දිනයේදී අනෙකුත් ප්‍රදේශ වලින් වාර්තා වුණු ආසාදිතයන් මෙසේයි...
කලුතර දිස්ත්‍රික්කයෙන් 53 ක්
අම්පාරෙන් 44 ක්
මහනුවරින් 40 ක්
රත්නපුරයෙන් 15 ක්
කුරුණෑගලින් 11 ක්
නුවරඑළියෙන් 06 ක්
ගාල්ලෙන් 03 ක්
කෑගල්ල හා මාතලේ දිස්ත්‍රික්වලින් එක් ආසාධිතයෙකු බැගින් හා විදේශයක සිට පැමිණි එක් අයෙකුද ආසාදිතයන් අතර වනවා.
නිරෝධායන මධ්‍යස්ථාන 62 ක් තුළ පුද්ගලයන් 6594 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර ශ්‍රී ලංකාවෙන් දැනට ආසාදිතයන් 29,378 ක් වාර්තා වනවා.
ඉන් 21,258 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
ඊයේ දිනය තුළ කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් පිළිබදව මෙරට සෞඛ්‍ය අංශ විසින් නිවේදනය කර තිබුණේ නැහැ.
704 Views
Comments