2020 සාගර වීරවරිය ලෙස ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ද වොස් නම් කරයි (PHOTOS)

"ස්කූබා ඩයිවින්" සුප්‍රකට සගරාව 2020 වසරේ සාගර වීරවරිය ලෙස ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥවරියක වන ඕෂියන්ස්වෙල් හි නිර්මාතෘ ආචාර්ය ආශා ද වොස් මහත්මිය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා අාශ්‍රිත මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අැය ඉටු කළ සේවය වෙනුවෙනුයි මෙම "ස්කූබා ඩයිවින්" සගරාව මෙම නම් කිරීම කර අැත්තේ.
ඒ වෙනුවෙන් "ස්කූබා ඩයිවින්" සගරාව ඇයට ඩොලර් 5000 ක ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.
ඒම මුදල් ත්‍යාගය සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා යෙදවීමට නියමිත බවයි වාර්තාවන්නේ.
මීට සති කිහිපයකට පෙර තල්මසුන් 100 දෙනෙකුගෙන් පමණ සමූහයක් පානදුර වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ කිහිප දෙනෙකු හැර අනෙකුත් තල්මසුන් ආරක්ෂිතව ගැඹුරු මුහුදට හරවා යැවීම සදහා අපගේම සම්මානලාභී සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් මහත්මිය ඒක්වීම කැපී පෙනුණා.
988 Views
Comments