වූහාන් ගිය ගුවන් යානය පිරිසිදු කිරීමකින් පසු කටුනායකට

චීනයේ වූහාන් සිට මත්තල ගුවන්තොටුපලට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොලට අද දහවල් ළඟා වුනා.
ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 1423 දරන එ එයා බස් ගුවන් යානයකි.
මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වීමෙන් පසු, ගුවන් යානය තුළට විශබීජ නාශක දියර යොදා ගනිමින් පිරිසිදු කර, ගුවන් යානය තුළ විශබීජ හරණය කිරීමෙන් අනතුරුව, මෙම ගුවන් යානය පැය 03 ක් ගුවන් තොටුපළ තුළ වසා දමා තිබුණි.
පසුව මෙම ගුවන් යානය අද දින දහවල් 12.48 ට මත්තල ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ අතර, එය පස්වරු 1.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.
664 Views
Comments