වූහාන් ප්‍රාන්තයේ ලාංකික සිසුන් වහාම ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ වූහාන් ප්‍රන්තයේ සිටින සියලු ශ්‍රී ලංකික සිසුන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලස්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සබඳතා අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය, බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා උබේ ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ධූත මණ්ඩලයේ සහය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
913 Views
Comments