යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රියක් අනතුරට ලක්වී සෙබළෙකු මරුට - 9කට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රියක් අනතුරට ලක්වී සෙබළෙකු මරුට - 9කට තුවාල

යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රියක් අනතුරට ලක්වී සෙබළෙකු මරුට - 9කට තුවාල

අද (26) අලුයම් කාලයේදී මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයක් අනතුරට ලක්වී ඇත.

 

ඒ කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් කැබ් රථයේ ගැටීමෙනි.

 

අනතුරත් සමග කැබ් රථයේ පිටුපස ගමන් කළ එක් සෙබළෙකු රථයෙන් විසිවී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් තිබේ.

 

තුවාල ලැබූ තවත් සෙබළුන් 09 දෙනෙකු ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

 

මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකි.

views

69 Views

Comments

arrow-up