ගෝඨාභයගේ වාහනය පදින පියුමි හංසමාලිගේ වත්කම් විමර්ශනය කරන්න - සීඅයිඩීයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා CBH-1949 රේන්ජ් රෝවර් රථය ප්‍රකට නිරූපිකාවක වන පියුමි හංසමාලි ලබා ගැනීම සැක සහිත බවත් ඇයගේ සියලු වත්කම් ගැන විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා පෙරේදා (17) ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඔහු පවසා සිටින්නේ රංගන ක්ෂේත්‍රයේ සැලකිය යුතු රඟපෑමක් නොකරන රූපලාවන්‍ය ක්‍රීම් වර්ග පමණක් අලෙවි කරන පියුමි හංසමාලි හිටපු ජනාධිපතිවරයා භාවිත කළ කෝටි දහයක් පමණ වටිනා ජීප් රථයක් ඇය සතු කර ගැනීම ගැටලු සහගත බවයි.
මේ පිළිබඳව ඉක්මනින් විමර්ශනයක් කොට සත්‍ය රටට හෙළි කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නයි සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට කළ මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
400 Views
Comments