ගොලු දරුවාව කතා කරවන්නම් කියා ලක්ෂ 15කට විද්ද කට්ටඩියා සොයා පරික්‍ෂණ

15 හැවිරිදි ගොලු දරුවකුට කතා කිරීමට පහසුව ලබාදෙන බව කියමින් එම දරුවාගේ පවුලේ උදවිය රවටා රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වරින්වර ලබාගත් බව කියන කට්ටඩියකු පිළිබඳව රාගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම කට්ටඩියා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මෙම පවුලට සම්බන්ධ කර ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක සේවය කරන තරුණයකු බවද පැමිණලි පාර්ශ්වය රාගම පොලිසියට දැනුම් දී ඇත.
මේ අනුව රාගම පොලිසිය මෙම කට්ටඩියා සහ වෙළෙඳ ආයතනයේ සේවය කරන තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසියට පණිවුඩ යවා තිබේ.
මෙම කට්ටඩියා සිදුකළ මෙම මුදල් වංචාව නිසා එම පවුල ඉතා අසරණ තත්ත්වයට පත්වී ඇත. දරුවාට තිබෙන ආදරය නිසා ඔවුන් සැකකරුවාගේ උගුලට හසුවී ඇති බව රාගම පොලිසිය කියයි.
231 Views
Comments