රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ කළමනාකාර අධක්‍ෂකගේ බිරිදට හා දරු දෙදෙනාට කොරෝනා..
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ කළමනාකාර අධක්‍ෂකගේ බිරිදට හා දරු දෙදෙනාට කොරෝනා..

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ කළමනාකාර අධක්‍ෂකගේ බිරිදට හා දරු දෙදෙනාට කොරෝනා..

රාගම බ්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ කලමණාකාර අධ්‍යක්ෂ වරයාගේ බිරිඳට සහ දරුවා දරු දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

 

ඔවුන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

 

අදාල කළමනාකාර අධ්‍යක්ෂවරයා කොරෝනා ආසාදන වීමෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද්දේ පසුගිය 13 වැනිදාය.

 

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස ද සේවය කරන ලද අයෙකි.

 

ඔහුට වෛරසය ආසාදනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සමීපතමයන් සවයං නිරෝධනයට ලක් කරන ලදී.

 

ඉන්පසු කළ පරීක්ෂණවලදී බිරිඳ සහ දරු දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

 

දැනටමත් එම වෛද්‍යවරයාගේ සංචරණය කළ ස්ථාන කිහිපයක්ම වසා දමා ආශ‍්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇත.

 

views

1877 Views

Comments

arrow-up