රට සංවර්ධනය කරන්න බුද්ධි ගලනය පාලනය කළ යුතුයි - ජනපති (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

රට සංවර්ධනය කරන්න බුද්ධි ගලනය පාලනය කළ යුතුයි - ජනපති (PHOTOS)

රට සංවර්ධනය කරන්න බුද්ධි ගලනය පාලනය කළ යුතුයි - ජනපති (PHOTOS)

රටේ වේගවත් සංවර්ධනයක් සිදුකිරීමටනම් බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවා.

 

එමෙන්ම වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සහතික වන්නේනම් මෙරට අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදෙස් සිසුන්ද ආකර්ශණය කරගත හැකි බවද ජනාධිපතිවරයා කියාසිටියා.

 

නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කරනවා මෙන්ම දරුවන්ට මුදල්ගෙවා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමේ පහසුකම් පුළුල් කිරීමෙන් විදේශ විනිමය උපයාගත හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

 

කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පස්වරුවේ පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ 2019 වසරේ උපාධි ප්‍රධානොත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

 

එහිදී විද්‍යාර්ථයින් 1280 දෙනෙකුට උපාධිය ප්‍රධානය කිරීම ජනධිපතිවරයා අතින් සිදුවුණා.

 

 

 

 

 

 

views

971 Views

Comments

arrow-up