JAN
04
නව රජයේ තීරණයෙන් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි වෙයි - දේශපාලකයන්ගේ රූප ඉවතට

මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් කෙරෙන වවුචරය මගින් පාසල් සිසුන්ට පිරිනමන මුදල ඉහළ දමා තිබෙනවා. ඒ, රුපියල් 525 සිට රුපියල් 735 ක් දකවායි.
එමෙන්ම ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු වවුචර් පතේ හිටපු ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර තිබුණා.
කෙසේවෙතත් මෙවර වවුචර් පතේ දේශපාලනඥයින් වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.
1209 Views
Comments