ජනපතිගේ නම විකුණු මුදල් වංචා කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

ජනපතිගේ නම විකුණු මුදල් වංචා කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ජනපතිගේ නම විකුණු මුදල් වංචා කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් ව්‍යාජව පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන පවසා පුද්ගලයකුගෙන් රුපියල් 24,000 ක් වංචා කළ පුද්ගලයකු  ගම්පහ වීරගුල  දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගනු ලැබුවා.

 

සැකකරු පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන්නෙකු බව පොලිසිය කියයි.

 

සැකකරු ඉකුත් දෙසැම්බර් මස දිනක පැමිණිලිකරුට කථා කර තමන්  ජනාධිපතිවරයා සමීපයේ කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවත් ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් යටතේ ඉතා අඩු මුදලට ජර්මනියේ රැකියා ලබා දිය හැකි බවට පවසා  මුදල් බැංකු ගතකරගෙන තිබෙනවා.

 

පැමිණිලිකරු කථා කරන අවස්ථාවලදී තමන් ජනාධිපතිවරයා සමඟ සිටින බවත්, නැතහොත් ජනාධිපතිවරයා  කොළඹින් පිට සිටින බවත් දැනුම් දෙන බවත්   පැමිණිලිකරුට සැකකරු සම්බන්ධයෙන් ඇති වු සැකයක් අනුව ඔහු සිද්ධිය බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා  හමුවට ගොස්  සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.

views

659 Views

Comments

arrow-up