නිහඬ මැතිවරණ කාලයේදී උපවාස කිරීම තහනම්

මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමවූ ඊයේ (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.
මැතිවරණය පැවැත්වෙන නිහඬ කාලයේදී කිසිඳු පුද්ගලයෙකුට හෝ උපවාස ආදිය සිදුකිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කළ බවද ඔහු කියාසිටිනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කියා සිටියා.
සමහරු මාරුවෙන් මාරුවට උපවාස කරනවා.ඒකෙන් කිසියම් අපේක්ෂකයෙකුට අගතියක් වෙන්න ප්‍රළුවන්.තව කෙනෙකුට වාසියක් වෙන්න පුළුවන් යැයි ඔහු සදහන් කළා.
644 Views
Comments