වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ

වාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේ

 

ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය හා උමාඔය හැරවීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති හතරක් සඳහා  වාරිමාර්ග අමාත්‍යාංශය  පසුගිය   වසර 14 ක කාලයේදී   රුපියල් කෝටි නව දහස් විසි නවයකට  වැඩි මුදලක් වැය කර ඇතත් මේ මුදලින්  ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

 

මෙම ව්‍යාපෘති හතර සැලසුම් කළ කාලය මෙන් දෙගුණයකටත් වැඩි කාලයක් ගතවී තිබුණද  නිම කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

 

මෙසේ නිම කර නැති අනෙක් ව්‍යාපෘති දෙක වන්නේ තල්පිටිගල  ජලාශය( ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් කෝටි 15391කි)  සහ ඵලදායීතා ප්‍රවර්ධන සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතා කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියයි.

 

එසේම එම ව්‍යාපෘති අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේදී මූලික අරමුණු යටතේ හඳුනාගෙන තිබූ ආර්ථික වාසි සැලසුම්සහගත පරිදි ලබා ගැනීමට නොහැකිවී තිබුණු බවද  එහි සඳහන් වෙයි.

views

30 Views

Comments

arrow-up