රෝද පුටුවේදීම ගින්නෙන් දැවී මියගිය ආබාධිත කාන්තාව ආසාදිතයකු බව හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

රෝද පුටුවේදීම ගින්නෙන් දැවී මියගිය ආබාධිත කාන්තාව ආසාදිතයකු බව හෙළිවේ

රෝද පුටුවේදීම ගින්නෙන් දැවී මියගිය ආබාධිත කාන්තාව ආසාදිතයකු බව හෙළිවේ

නිවසේ රෝද පුටුවේ සිටියදීම ගින්නකට හසුවී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ ආබාධිත කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

 

කලක සිට ආබාධිතව රෝද පුටුවේ සිටි මෙම කාන්තාව 71 වන වියේ පසුවූ අතර ඇය ගාල්ල, හපුගල, බෙරලියදොලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

 

ඇයගේ කාමරෙන් දුමාරයක් පිට වීම හේතුවෙන් එය බැලීමට ඇය රෝද පුටුවෙන් ම කාමරයට ගිය අවස්ථාවේදී ඇයටද ගිනි ඇවිලී ඇති බවයි ඇයගේම පුතෙකු පොලිසියට පවසා ඇත්තේ.

 

මියයාමෙන් පසු ඇයගේ මෘත ශරීරයෙන් PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර අද එම වාර්තාවේදී ඇය කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

views

831 Views

Comments

arrow-up