මෙරට කොරෝනා ආසාදිත 66,500න් 60,500ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

මෙරට කොරෝනා ආසාදිත 66,500න් 60,500ක් සුවය ලබයි

මෙරට කොරෝනා ආසාදිත 66,500න් 60,500ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 355 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව දෙවන කොරෝනා රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු වල ආසාදිතයින් සංඛ්‍යාව 62,771ක් දක්වා ඉහළ ගියා.

 

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාධිතයින් ගණන 66,764ක්.

 

මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,865ක් වනවා.

 

අද දිනයේ තවත් ආසාදිතයින් 684 දින සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා.

 

සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ 60,567ක් ලෙසයි. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 332ක්.

views

742 Views

Comments

arrow-up