JAN
28
ලොව පුරා ජනතාව බුදු දහමට නැඹුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා - ජනමාධ්‍ය ඇමැති

වර්තමානයේ ලොව පුරා බොහෝ ජනතාව බුදු දහමට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ජාත්‍යන්තරය හා බුදු දහම සම්බන්ධ වීමට නම් ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයැයිද ඒ නිසා අනාගත පරපුර බෞද්ධ දර්ශනය මෙන්ම ජාත්‍යන්තර භාෂාවන් ප්‍රගුණ කළ යුතු යැයි ද අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර හන්තාන සදගිරිසෑය විහාරස්ථානයේ අද පෙරවරුවේ පැවති ආගමික වැඩසටහන් කීපයකට සහභාගි වෙමින්.
760 Views
Comments