එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් - එන්නත මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් - එන්නත මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම ඇරඹෙයි

එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් - එන්නත මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම ඇරඹෙයි

ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසින් මෙරටට ලැබුණු Oxford Astraseneca කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට අකමැති අයට එය නොගෙන සිටීමට හැකි බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා.

 

එන්නත ලබා ගැනීම හෝ නොගැනීම ස්වාධීන තීරණයක් බව ලලිත් වීරතුංග මහතා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

 

මෙම එන්නත දිස්ත්‍රික්ක 25 සදහා බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

 

ශීතාගාර සහිත වාහන වලින් මෙම ඉන්නත් උගේ බෙදාහැරීම සිදු වන අතර අද දිනය තුළ ඒවා නියමිත මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමබවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. එන්නත්කරණ ක්‍රියාවලිය හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් හයකදී ආරම්භ කෙරෙනවා.

 

කොරෝනා ව්‍යාප්තිය පාලනය පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙර සඳහන් කළ පරිදි කොරෝනා මර්දනය සඳහා ඉදිරිපෙළ ක්‍රියාකරන එක් ලක්ෂ පනස් දහසක් වන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ද, එක් ලක්ෂ විසි දහසක් පමණ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පිරිස් වෙත ද එන්නද පළමුවෙන් ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

views

757 Views

Comments

arrow-up