ශානි ඇතුලු තිදෙනා ලබන 16 තෙක් රිමාන්ඩ්

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුලු තිදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුංරුවයි.
සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාළවයි කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ නඩුවේ සිවු වැනි සැකකරු පසුගියදා නීතීඥවරයෙකු රුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මෙම නඩුවේ පළමු සැකකරු වන අතර දෙවන සැකකරු ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි සඳහන් වන්නේ.
අදාළ නඩුවේ තුන්වන සැකකරු වන මේ වන විට රටින් පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.
735 Views
Comments