කොටියෙකු මරා මස් අලෙවි කළ 3 දෙනෙකු අත්අඩංගුවට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

කොටියෙකු මරා මස් අලෙවි කළ 3 දෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

කොටියෙකු මරා මස් අලෙවි කළ 3 දෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

උඩුදුම්බර ප්‍රදේශයේදී කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවලක් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කලල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මන්දකට මෙම කොටියා හසුවී ඇති බවයි.

පසුව අදාළ පිරිමි සැකකරුවන් දෙදෙනා මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසට ගොස් කළ පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරීර කොටස් සොයා ගැනීමට හැකිවී තිබේ.

කොටියාගේ ඉතිරි ශරීර කොටස් සොයා උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් අද තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

 

views

878 Views

Comments

arrow-up