පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී භාර ගත යුතුයි - පූජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී භාර ගත යුතුයි - පූජිත්

පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී භාර ගත යුතුයි - පූජිත්

පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාර ගත යුතු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. මේ ප්‍රහාරය දිගුකාලීන දේශපාලන සැලසුම් නිසා ඇති වූ කඩාවැටීම් හේතුවෙන් සිදුවූවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මම ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි පත් කර තිබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, ලතීෆ්, ප්‍රියලාල් දසනායක, වරුණ ජයසුන්දර යන නිලධාරීන්ට බුද්ධි තොරතුර දැනුම් දුන්නා. පළාත් භාර නිලධාරීන්ට දැනුම් දුන්නා යැයිද ඒ මහතා කියා සිටියේය.

මම කතා කළ දුරකථන සංවාද පමණක් නොමැති වීමට හේතුව පිටුපස හිටපු ජනාධිපතිගේ සහෝදරයා සිටින බවද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

ටෙලිකොම් මොබිටෙල් භාරව හිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා බවද කියා සිටී. ඒ මහතා මම කතා කළ දේවල් පමණක් නැති වීමට හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා බවද කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගැනීමට නොහැකි නිසා එම ප්‍රහාරයේ වගකීම තමන්ට භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 23 වැනිදා තමන්ට දැනුම් දුන් බවත් එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට එන්න කිව්වා. මම රාත්‍රි 8ට විතර ගියා. එහි යනවිට ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, මහින්ද අමරවීර යන මහත්වරුන් තිදෙනා සිටියා. ඉන් අනතුරුව පැමිණි ජනාධිපතිවරයා රටම අවුල් වෙලා තියෙන්නේ. මම මේ ප්‍රහාරය ගැන ඔයා දැනුවත් කළෙත් නෑ. හේමසිරි දැනුවත් කළෙත් නෑ. ඒ නිසා ඔයා ප්‍රහාරයේ වගකිව බාර ගන්න. මම ඔයාට ශ්‍රී ලංකාවේ උසස් තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන්නම් යැයි යෝජනා කළා. මලල්ගොඩ කොමිසමෙන් ඔයාව මම බේර ගන්නම් කියාත් කිව්වා. මම ඒ වෙලාවේ කිසිවක් නොකියා ආවා. නැවත මගෙන් අර කථාවට ඔයා මුකුත් කිව්වේ නෑ කියලා විමසුවා. ඉන් පසු උදය ආර්. සෙනෙවිරත්න මහතා 26 වැනිදා මට කිව්වා උඹ වගකීම බාර ගනින් කියලා. මම කිව්වා ඇයි මම විතරක් මේ වගකීම භාර ගන්නේ කියලා. මම අවුරුදු 34ක් සේවා කාලයක් තිබෙන කෙනෙක්. මට මොනවා හරි වුණොත් මගේ බිරිය දරුවන් අනාථ වෙනවා යැයි මම කිව්වා යැයිද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම මට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිනීමැරුම් චෝදනා එල්ල කළේ කිසිදු නිර්දේශයක් නැතිව බවද ඒ මහතා කියා සිටියේය.

හිටපු පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (24) තෙවැනි වරටත් සාක්ෂි ලබා දීමට එක් වෙමිනි.

 

views

796 Views

Comments

arrow-up