දින 14ක නිරෝධායනය ගැන රෝයල්-තෝමියන් ආදි ශිෂ්‍ය ඒකාබද්ධ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

දින 14ක නිරෝධායනය ගැන රෝයල්-තෝමියන් ආදි ශිෂ්‍ය ඒකාබද්ධ නිවේදනයක්

දින 14ක නිරෝධායනය ගැන රෝයල්-තෝමියන් ආදි ශිෂ්‍ය ඒකාබද්ධ නිවේදනයක්

සති දෙකකට පෙර මේ වසරේ නිල් මහ සටන පැවැත්වීමෙන් පසුව ආසාදිත රෝගීන් වාර්තා නොවූවත්, කොවිඩ් -19 තර්ජනය ගැන අවදියෙන් සිටින ලෙස රාජකීය විද්‍යාල සංගමය (RCU) සහ එස්. තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය (MTCOBA) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අදාළ ලේකම්වරු සෙසු පාසල් මිතුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

බිග් මැච් සඳහා සහභාගී වී සිටි පාසල් අාදි සිසුවෙකු වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිලධාරියෙකුට වෛරසය ආසාදිත වී තිබුණා.

 

ලොව පුරා මාරාන්තික වෛරසය පැතිරීම හේතුවෙන් එය නැවැත්වීමට හෝ කල් දැමීමට පොදු විරෝධය නොතකා පාසල් දෙක අතර දීර්ඝ කාලීන වාර්ෂික මහා තරගය දිගටම කරගෙන යාම පිළිබඳව මෙම පාසල් දෙක දැඩි විවේචනයට ලක්වුණා.

 

කෙසේ වෙතත්, පාසල් බලධාරීන් සහ ආදි ශිෂ්‍යයින් විශාල වශයෙන් තරගයට සහභාගී වූයේ නම් ස්වයං නිරෝධායනයකට භාජනය වන ලෙස පාසල් මිතුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.

 

ආසාදිත රෝගීන් නොමැතිව නිරෝධායන කාලය ගෙවා දැමීමට හැකිවීම පිළිබඳව සන්සුන්ව කටයුතු කරන ලෙසත් තවදුරටත් රාජකීයයන් සහ තෝමියන්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

 

සමාජ මාධ්‍යවල ජයග්‍රාහී හැඟීමකින් හා විහිළු කිරීම තොරව අවදියෙන් සිටින ලෙසයි දන්වා සිටින්නේ.

 

views

873 Views

Comments

arrow-up