යළි දහවල් 2.00 ට මුලු දිවයිනටම ඇඳිරිනීතිය

දැනට පවතින ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අද (23) උදෑසන 6.00 ට ඉවත් කෙරුණු අතර යළි දහවල් 2.00 ට පනවනු ලබයි.
එම ඇඳිරි නීතිය ඉවත් කරන කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට වෙළෙදපොල වෙත ගොස් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන රජයෙ විසින් මේ වන විටත් සලසා දි තබේ.
භාණ්ඩ මිලදී ගැනීමට නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් වෙළෙඳසැලට පැමිණිය යුතු අතර එහිදී කුඩා දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් නොයා යුත් බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝගී තත්වයකින් පෙළෙන අයෙක් නම් වෙළෙඳපොල වෙත නොයා යුතුයි.
එසේම ස්වයං නිරෝධානයට ලක්විය යුතු බවට හඳුනාගත් අයෙකු වෙළෙඳපොල වෙත පැමිණියහොත් ඔහුට දඬුවම් ලැබීමට සිදුවන බව පොලීස අවධාරණය කරයි.
611 Views
Comments