ඩොලර් මිලියන 230ක් ලැබුණේ නැහැ - රජය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

ඩොලර් මිලියන 230ක් ලැබුණේ නැහැ - රජය කියයි

ඩොලර් මිලියන 230ක් ලැබුණේ නැහැ - රජය කියයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 230 ක ආධාරයක් ලබාදී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.


සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කර තිබූ විමසීමකට පිළිතුරු දෙමින්.


වික්‍රමසිංහ මහතා රජයෙන් විමසා සිටියේ, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අමෙරිකානු ඩොලර් මිලියන 230 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති බවයි.


එම මුදල්වලට කුමක් කළේ දැයි යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම රජයේ වගකීම බවද ඔහු අවධාරණය කර තිබුණා.


කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ එවැනි ආධාරයක් ශ්‍රී ලංකාවට ලැබී නොමැති බවයි.


කොරෝනා මර්දන ක්‍රියාවලිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 9කට ආසන්න ආධාරයක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

views

585 Views

Comments

arrow-up