රාජ්‍ය තාන්ත්‍රිකයින්ටත් ශ්‍රී ලංකාවට ඇතුලුවීම සඳහා PCR වාර්තා අනිවාර්ය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

රාජ්‍ය තාන්ත්‍රිකයින්ටත් ශ්‍රී ලංකාවට ඇතුලුවීම සඳහා PCR වාර්තා අනිවාර්ය කරයි

රාජ්‍ය තාන්ත්‍රිකයින්ටත් ශ්‍රී ලංකාවට ඇතුලුවීම සඳහා PCR වාර්තා අනිවාර්ය කරයි

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සදහා නිරෝධායන ක්‍රියාවලිය හා PCR පරික්‍ෂණ සම්බන්ධයෙන් සංශෝධිත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ විදේශ සබදතා අමාත්‍යාංශය මගින්.

 

කිසියම් විදේශයක සිට මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරික්‍ෂණ වාර්තාවක් රට තුළට ඇතුලු වීමේදී ඉදිරිපත් කළ යුතු වනවා.

 

එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය තාන්ත්‍රිකයන් හා පවුල්වල සාමාජිකයන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අනිවාර්යය පරික්‍ෂාවකට ලක් කෙරෙන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කළේ.

 

රාජ්‍ය තාන්ත්‍රික දූත සේවාවන් හි ප්‍රධානීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිය නිල නිවෙස්වල ස්වයං නිරෝධායනයකට ලක්විය යුතු වනවා.

 

සෙසු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ශ්‍රී ලංකා රජය මගින් නියම කර ඇති නිරෝධායන හෝටල්වල දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කළේ.

views

691 Views

Comments

arrow-up