විශේෂ පෙරහුරු මැතිවරණය සෞඛ්‍ය නිර්දේශ අනුව කළ හැටි මෙන්න (PHOTOS)

නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අද ගාල්ල දිස්ත‍්‍රික්කයේ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ග‍්‍රාම නිලධාරී වසමක මේ වන විට සිදු කෙරෙනවා.
මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව සදහා ඡන්ද දායකයින් 200ක පමණ පිරිසක් යොදා ගැනෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.
නව ක්‍රමවේදය යටතේ එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් කොපමණ වේලාවක් ගත වන්නේද යන්න අවබෝධයක් ලබා ගැනීම සහ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධයස්ථාන පවත්වාගෙන යාමේ දී මතුවිය හැකි ගැටලු හදුනාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි.
දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිත කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලා ඡන්දය ප්‍රකාශ කරන ආකාරය මෙහිදී දැකගත හැකි වුණා.
PIC : NETHFM
853 Views
Comments