තොණ්ඩමන්ගේ අවමඟුල් සංවිධායකයෙක් වෛද්‍ය අනිල් ජාසිංහට තර්ජනය කරලා!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

තොණ්ඩමන්ගේ අවමඟුල් සංවිධායකයෙක් වෛද්‍ය අනිල් ජාසිංහට තර්ජනය කරලා!

තොණ්ඩමන්ගේ අවමඟුල් සංවිධායකයෙක් වෛද්‍ය අනිල් ජාසිංහට තර්ජනය කරලා!

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා දුරකතනයෙන් තර්ජනය කළේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වෙත වාර්තා වී ඇතැයි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළා.

 

අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා.



මියගිය අයෙකුගේ මෘත ශරීරය විකුණාගෙන කමින් දේශපාලන බලය ලබාගැනීම සදහා ඡන්ද සිඟමනේ යෙකෙනවාට අමතරව නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කිරීමට තරම් සමහර පුද්ගලයින්ට බලය ලබාදී ඇත්තේ කවුරුන් දැයි සොයා බලා නිසි පියවර ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියයි.

 

views

1067 Views

Comments

arrow-up