දින 5ක් අවසන් ගෞරවයට තැබූ තොන්ඩමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

දින 5ක් අවසන් ගෞරවයට තැබූ තොන්ඩමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ

දින 5ක් අවසන් ගෞරවයට තැබූ තොන්ඩමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරුවේ සිදු කෙරෙනවා.

 

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

 

අද (31) පස්වරු 1 දක්වා එහි තැන්පත් කෙරෙන දේහය පසුව අවසන් කටයුතු සිදු කෙරෙන නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනය වෙත රැගෙන යාමට නියමිතයි.

 

මේ අතර ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට ඉංගිරිය රයිගම්වත්ත ජනතාව කටයුතු කළා.

 

වතු යායේ සුදු කොඩි ප්‍රදර්ශනය කරමින් තොන්ඩමන් මහතාගේ ඡායාරූපයට මල්දම් පළඳවා ඔවුන් සිය ශෝකය පළ කළා.

views

731 Views

Comments

arrow-up