ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘත කරන්න උපදෙස් - බැංකු සේවක හැඳුනුම්පත ඇඳිරිනීති අවසර පතක් වෙයි

ඇඳිරිනීතිය ඉවත් කළ සියලු ප්‍රදේශවල තිබෙන සියලු බැංකු විවෘතව තබන්නැයි රජය ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා සීමීත සේවකයින් පිරිසක් ගෙන්නා ගන්නැයි බැංකු කළමණාකාරවරුන් දැනුම්වත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
බැංකු කාර්යය මණ්ඩලවලට ඇඳිරි නීති අවසර පත් නොමැතිව සිය බැංකු හැඳුනුම්පත උපයෝගි කර ගනිමින් නිවෙස් බලා යාමට අවස්ථාව ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයාගේ අවසර ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.
734 Views
Comments