හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි වෛතත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතව ඇත.
දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන් වැලි සෑ මහ මළුවේදී ජාතිය ඇමතීමද සිදුවන බව පොදුජන පෙරමුණ සඳහන් කළේය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජව පෙරමුණේ නායක විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායකයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතුළු විශාල පිරිසක් සහභාගි වන බව නිවේදනයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණ සඳහන් කරයි.
754 Views
Comments