තවත් විශිෂ්ට තීන්දුවක් - දේශපාලන පත්වීම් ලද තානාපතිවරු 30 ක් ආපසු කැඳවයි

දේශපාලන පත්වීම් ලබා විදේශීය තානාපතිවරුන් ලෙස දැනට සේවය කරන ශ්‍රී ලාංකික තිස් දෙනකුගේ සේවය අවසන් කර ශ්‍රී ලංකාවට යළි කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.
මෙම 30 වැනිදා වන විට දිවයිනට පැමිණෙන ලෙස ලිපි මගින් ඊයේ (5 වැනිදා) එම තානාපතිවරුන් දැනුවත් කර තිබේ.
පසුගිය රජය විසින් දේශපාලන පත්වීම් මත මෙම තානාපතිවරුන් පත් කර ඇත.
ඔවුන් සේවය කළ කාලය නිසි අයුරින් රාජකාරි කටයුතු සිදු කර ඇත්දැයි විමර්ශනයක් සිදු කිරීමටද නියමිතය.
මෙම රටවල් සඳහා ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම නව තානාපතිවරුන් පත් කිරීමට ද රජය බලාපොරොත්තු වෙයි.
අරුණපුවත්පතින්
1847 Views
Comments