රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා

 රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා

සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (19) නියම කළේය.

 

 

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සාක්කි විමසීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

 

 

2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනුකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

 

 

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

 

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියහ.

 

 

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා  ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

views

658 Views

Comments

arrow-up