ඇමති රිෂාඩ් ජන්ද දායකයින් ප්‍රවාහනය කරන බවට චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

ඇමති රිෂාඩ් ජන්ද දායකයින් ප්‍රවාහනය කරන බවට චෝදනාවක්

ඇමති රිෂාඩ් ජන්ද දායකයින් ප්‍රවාහනය කරන බවට චෝදනාවක්

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් පුත්තලමේ  පදිංචි පිරිස් ජන්දය භාවිත කිරීම සඳහා මන්නාරමට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනයට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත  මහතා පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිළධාරිවරයාට ඊයේ ( 15දා ) දින රාත්‍රියේ පැමිණිලි කර තිබෙනවා.

 

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් මේ වන විට පුත්තලමේ  පදිංචි සිටින ඡන්ද දායකයන් මන්නාරමට ජන්දය භාවිතා කිරීමට රැගෙන යාමට කටයුතු කර  ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කරයි .

 

සිද්ධියත් සමග පුත්තලම ඩිපෝව හා අවට ප්‍රදේශ රැසකට පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කර  තිබුණා.

views

3034 Views

Comments

arrow-up