හෙම්මාතගම තරුණිය දූෂණය කිරීමේ සිදුවීමට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

හෙම්මාතගම තරුණිය දූෂණය කිරීමේ සිදුවීමට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

හෙම්මාතගම තරුණිය දූෂණය කිරීමේ සිදුවීමට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

හෙම්මාතගම පොලිස් ස්ථානයේ, නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

   

හෙම්මාතගම මන්ද මානසික තරුණිය දූෂණය කිරීමේ සිදුවීමේ  සාක්ෂි සොයා ගැනීම මගහැරීම සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

 

එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ මෙසේ තහනම් කර තිබෙනවා.

 

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත, කෑගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා විසින් ඔවුන්ගේ වැඩතහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

 

කෑගල්ල ප්‍රදේශයේ පැවති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයෙකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ තරුණියගේ පියා විසින් ‍හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර තිබුණා.

views

820 Views

Comments

arrow-up