‘බුල්බුල්’ සුළි කුණාටුව දිවයිනෙන් ඉවත් වන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

‘බුල්බුල්’ සුළි කුණාටුව දිවයිනෙන් ඉවත් වන ලකුණු

‘බුල්බුල්’ සුළි කුණාටුව දිවයිනෙන් ඉවත් වන ලකුණු

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල්බුල් සුළි කුණාටුව, ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ බංගලාදේශ වෙරළට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

ඒ, හේතුවෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. මේ අතර, හල්දුම්මුල්ල හරංකහව ප්‍රදේශයේ නායයාමකින් පවුල් 8ක පුද්ගලයින් 35 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රැඳවීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්.උදය කුමාර මහතා සඳහන් කළේ, හල්දුම්මුල්ල – සොරගුණේ මාර්ගය ද තාවකාලිකව වසා දමා ඇති බව යි.

 

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව යි.

 

ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

views

643 Views

Comments

arrow-up