යකඩ මිටිවලින් පහරදී දෙදෙනෙකු මරුට – තුවාල ලැබූ අයෙකුට බරපතළයි

හොරණ – අරමණාගොල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක නේවාසිකාගාරය තුළ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසීය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් තිදෙනෙකුට යකඩ මිටිවලින් පහරදී ඇති බවයි.
එහිදී අවුරුදු 33 සහ 53 යන වයස්වල පසුවන හෙට්ටිපොළ සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඊයේ සිදුවූ මෙම සිද්ධියේදී තවත් එක් අයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද හොරණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
730 Views
Comments