මහ ඡන්දය ජූලි මාසයේදී ?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

මහ ඡන්දය ජූලි මාසයේදී ?

මහ ඡන්දය ජූලි මාසයේදී ?

ඉදිරි මහ මැතිවරණය ජූලි මස දෙවැනි සතියේ පමණ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට පෙර නැවත වරක් කොමිසම විසින් වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

 

කෙසේ වෙතත් දැනට දින නියමකර ඇති පරිදි ජූනි 20 දින මහමැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි කියැවේ.

 

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්ටුව අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත් ඉල්ලා දැනටමත් අධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

 

මෙම පෙත්සම් තිබියදී මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇත්දැයි සති අන්ත  පුවත්පතක් කළ විමසුමකට මැතිවරණ කොමිසමේ   සභාපතිවරයා පිළිතුරු දෙමින්  සඳහන් කර ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් නොකළොත් එම කටයුතු දිගටම අඛණ්ඩව සිදුකරන බවය.

views

1157 Views

Comments

arrow-up