මහවිල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

පානදුර මාර්ගයේ මහවිල ප්‍රදේශයේදී පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පින්තාරු රැකියාවේ යෙදුණු අයෙකි.
මියගිය පුද්ගලයා පාපැදියෙන් හොරණ පානදුර මාර්ගයේ පානදුර දෙසට යමින් සිටියදී එම දිසාවටම ගමන්කරමින් තිබූ යතුරුපැදියක් පාපැදියේ පිටුපසින් ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය කීය.
සිදුවූ අනතුරින් පාපැදිකරු මෙන්ම යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ පසු පැදිකරු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පාපැදිකරු මිය ගිය බව පොලීසිය කියයි.
259 Views
Comments