බසය ත්‍රිරෝද රථයේ ගැටී දෙදෙනෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

බසය ත්‍රිරෝද රථයේ ගැටී දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

බසය ත්‍රිරෝද රථයේ ගැටී දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

බදුල්ල පුවක්ගොඩමුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී 10 දා පෙ.ව. 10.30 ට පමණ ලංගම මගී ප්‍රවාහන බසයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණ ට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගිය අතර තවත් තිදෙනකු බරපතළ තුවාල සහිතව බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව බදුල්ල පොලිසිය පවසයි.

 

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ලංගම බසය සිරිපුර සිට බදුල්ලට පැමිණෙන අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය මාර්ගය හරහා පනින බල්ලෙකු බේරීමට ගොස් අනතුර සිදුව ඇතැයිද පොලිසිය පැවැසීය.

 

බදුල්ල මැදපතන වටරවුම් පාර අංක 67 ලිපිනයේ පදිංචි විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන 78 හැවිරිදි ඩබ්ලිව්. ඩී. ජේමිස් නැමැති අය රෝහලට ගෙන යන අතර මියගිය අතර ඔහුගේ බිරිඳ වන 77 හැවිරිදි චන්ද්‍රලතා රත්නායක නැමැත්තිය රෝහල්ගතව සිටියදී මියගොස් ඇත.

 

බදුල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.එම්. කේ. බී. විජේතුංග මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව හිසට සහ පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් වූ මරණ සිදුව ඇතැයි හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ඩී.එම්. ලීලාරත්න මහතා තීරණය කරන ලදී.

 

බදුල්ල පොලිසියේ රථ වාහන අංශයේ උ.පො.ප. ජිනදාස මහතා සාක්ෂි මෙහෙයවීම යටතේ මියගිය දෙදෙනාගේ දියණියක වන ඩබ්ලිව්.ඩී. ඉමාලි චන්දිමා (49) මහත්මිය සහ පුතකු වන ඩබ්ලිව්.ඩී. සාලින්ද නිෂාද් (54) යන දෙදෙනා සාක්ෂි දෙන ලදී.

views

290 Views

Comments

arrow-up