ඊයේ තහවුරු කරගත් ආසාදිතයා ඊයේම මිය ගියා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ඊයේ තහවුරු කරගත් ආසාදිතයා ඊයේම මිය ගියා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඊයේ තහවුරු කරගත් ආසාදිතයා ඊයේම මිය ගියා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා වෛරසය ආසාදිත තෙවන මරණය ඊයේ (01) රාත්‍රියේ සිදු වූ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

 

එහි දැක්වෙන්නේ අදාළ මරණයට පත් වූ පුද්ගලයා 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

 

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ඊයේ දිනයේදීම බවයි සඳහන් කරන්නේ.

 

එම රෝගියා හඳුනාගෙන කොළඹ IDH රෝහලට මාරු කරන අවස්ථාවේ මිය ගොස් තිබෙනවා.

 

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන ලද අයෙකු බවත් හඳුනාගෙන තිබෙනවා.

 

රෝගියා රෝහල් ගතව ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදීයි.

views

742 Views

Comments

arrow-up