පිට පිට දෙවන දිනටත් කොරෝනා රෝගීන් වාර්ථා වී නෑ (4.45 - 26 03 20) - පවිත්‍රා වන්නිආරච්චි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

පිට පිට දෙවන දිනටත් කොරෝනා රෝගීන් වාර්ථා වී නෑ (4.45 - 26 03 20) - පවිත්‍රා වන්නිආරච්චි

පිට පිට දෙවන දිනටත් කොරෝනා රෝගීන් වාර්ථා වී නෑ (4.45 - 26 03 20) - පවිත්‍රා වන්නිආරච්චි

අද(26) දිනයේ දීත් පස්වරු 4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය ‍හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අමාත්‍යවරිය මේ බව තහවුරු කර තිබේ.

 

මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වු කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 102 වන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

 

කොළඹ IDH රෝ‍හලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙක් සුවය ලබා අද රෝහලෙන් පිටව ගිය බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

724 Views

Comments

arrow-up