පොලීසියේ තැපැල් ඡන්දය අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

පොලීසියේ තැපැල් ඡන්දය අද

පොලීසියේ තැපැල් ඡන්දය අද


2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිලධාරින්හට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද(04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.

 


ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට ද සිය තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 


ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 31 වනදායින් ආරම්භ වුණි. අදාල දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව තම සේවා ස්ථානය පිහිටි  දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවදී එම ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකියාව පවතියි.

 


මේ අතර මෙවර ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට ඉල්ලුම්කළ අපේක්ෂකයන්ගෙන් අයදුම්පත්‍ර පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වුණි.
ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වූ ඡන්ද දායකයින්ට ඡනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ සාමාන්‍ය පරිදි ඡන්දය භාවිතා කිරිමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. 

 

views

688 Views

Comments

arrow-up