උතුරේ කිසිදු පක්ෂයක් සමඟ ගිවිසුම් නැහැ - අගමැති

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සහ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා, උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇති බවත් ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන ලෙස උතුරු-නැගෙනහිර සියලූ දේශපාලන පක්‍ෂවලට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.
ඊයේ (03) දින යාපනයේ පැවැති රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ උතුරටත්, දකුණටත් පිළිගත හැකි සාධණීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තම කණ්ඩායම විසින් බවය.
711 Views
Comments